විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන්නේ, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මගින් මෙහි සම්බන්ධීකරණය සිදුකෙරෙන බවයි.
භූමිතෙල් මිල සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණ ද මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇති බැවින් භූමිතෙල් නිකුත් නොකිරීම තුළ මිල සංශෝධනයකට නොගිය බව ද අමාත්‍යවරයා පවසයි.
මේ අතර ඉන්ධන ආනයනය ඇතුළු තවත් සාකච්ඡා කිහිපයක් සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙක් අද රුසියාව බලා පිටත්ව යන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.