මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද...

ජූලි 02, 2022

    මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්වුණා.

    ඒ බොහෝ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්. මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ආරම්භ කෙරුණේ ඉකුත් ජුනි 23 වැනි දිනයි. දින 09ක් පුරා පැවති පූජාවලින් අනතුරුව අද මහා මංගල්‍යය පැවැත්වුණා. මන්නාරම රදගුරු ආචාර්ය අතිඋතුම් ඉම්මානුවල් ප්‍රනාන්දු හිමිපාණන් සහ යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් බර්නාඩි හිමිපාණන් එක්ව දේව මෙහෙය පැවැත්වුවා. පෙරහැර පැවැත්වුණේ ඉන් අනතුරුවයි. බොහෝ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මඩු මංගල්‍යයට එක්ව සිටියා.

    Latest News