ඉන්ධන, ගෑස් සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕමානය අතර, ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහය වන බව තානාපතිවරයා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකා ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය මගින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. වසර 8ක සේවා කාලය තුළ ඕමාන තානාපතිවරයා මෙරටට ලබාදුන් සහය පිළිබඳ කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.