ඒ, කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා විසින්. එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්රගතිය ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.
එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව, මහේස්ත්රාත්වරයා, බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තිදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවට යොමු කරන ලෙස නියෝග කළා.
මෙම පෙරට්ටුව සඳහා සාක්ෂිකරුවන් සයදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.