ඒ, 2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදු කළේ යැයි කියමින් පොලීසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි හේතුවටයි
2021 වසරේ කොටුව ප්රදේශයේ සිදු කළ උද්ඝෝෂනයකදී අයුතු අවහිරයක් වන ආකාරයෙන් කටයුතු කලේ යැයි කොටුව පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබුවා
එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුන් වශයෙන් නම් කර සිටින වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නෑ.
ඒ අනුව පොලිසිය විසින් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කළා.