දකුණු කොරියාවේ ශ්‍රී ලංකා මහා විහාරයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක්...

ජූලි 23, 2022

    දකුණු කොරියාවේ ශ්‍රී ලංකා මහා විහාරයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

    වැඩසටහන ක්‍රියාත්මක වූයේ, එරට “හියුමන් අර්ත්” සංවිධානය හා කොරියානු ප්‍රජාවගේ ආධාර ඇතිවයි.  ඖෂධ තොගය සෝල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත බාරදීම ඊයේ (22) සිදු කෙරුණා. ඖෂධ‍ තොග‍යේ වටිනාකම රුපියල් කෝටි 05කට ආසන්නයි.

    දකුණු කොරියාවේ ශ්‍රී ලංකාවේ වැඩබලන තානාපති සවිත්‍රි ඉන්ද්‍රචාපා‍ පානබොක්කේ මහත්මිය වෙත අදාළ ඖෂධ තොගය නිල වශයෙන් බාරදෙනු ලැබුවේ, දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක සහ කොරියා - ශ්‍රී ලංකා විහාරාධිපති පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් එම ඖෂධ තොගය මෙරටට ‍රැගෙන ඒමට නියමිතයි. මෙරට රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් මේ අතර වනවා. මෙය කොරියා- ශ්‍රී ලංකා විහාරස්ථානය මාස දෙකක පමණ කාලයක සිට දැරූ උත්සාහයක ප්‍රතිඵලයක්.

    Latest News