ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ දී සිව් දෙනෙක් අත්අඩංගුවට

ජූලි 26, 2022

    ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ අධිකරණ නියෝගය කඩ කරමින් රැඳී සිටි සිව් දෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ, අද උදේ 7.15 ට පමණ.

    බණ්ඩාරනායක ප්‍රතිමාවේ සිට මීටර 50 ක් ඇතුළත කිසිදු පුද්ගලයෙකු රැඳී නොසිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝගයක් නිකුත් කළා. 

    එම නියෝගය නොතකා රැඳී සිටි සිව් දෙනා අද අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිතයි.  109 වැනි දිනටත් ගාලු මුවදොර විරෝධතා භූමියේ අරගලකරුවන් රැඳී සිටිනවා.  එම පරිශ්‍රයේ ඇතැම් ස්ථානවල විවිධ භෝග හා පැල වර්ග වගා කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.  

    Latest News