ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර හමුවක්...

අගෝ 03, 2022

    ‍‍ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා හමුවුණා.

    ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී.  දෙර‍ට අතර සබඳතාවට 70 වසරක් සැපිරීම හා මෙම වසරේ දී දෙරටේ බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවාධානය යොමු කෙරුණා. ජපාන රජය ලබා දෙන උපකාර සහ සහයෝගය අගය කළ අමාත්‍යවරයා, වත්මන් ආර්ථික තත්වය සහ අභියෝග අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද, තානාපතිවරයා දැනුවත් කළා.

    Latest News