පුරාවිද්‍යා වටිනාකමක් ඇති එහි දේපළවලට සිදු වූ හානි පිළිබඳ ගණනය කිරීම්ද මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. පසුගිය 9 වෙනිදා සිදු වූ විරෝධතාව අතරතුර අරගලකරුවන් කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළු වුණා. ඉන් පසු දින කිහිපයක්ම ඔවුන් එහි රැදී සිටියා . මේ හේතුවෙන් එහි බොහෝ ස්ථානවලට දැඩි හානියක් සිදුව තිබෙනවා . මේ වන විටත් ඇඟිලි සලකුණු ආදිය ලබා ගනිමින් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.