ජනාධිපතිතුමා, අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක හිමි බැහැදකී...

අගෝ 05, 2022

    රටේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ශක්තිමත් රජයක් අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා සර්වපාක්ෂික ආණ්ඩුකරණය ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් පවසනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හමුවූ අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියා. රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවන විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, පළමුව ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව, මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තා.

    රට ගැන සිතා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සියලුදෙනා එක්විය යුතු බව මහ නාහිමියන් ප්‍රකාශ කළා. කෘෂිකර්මාන්තයට මුල් තැන දී රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළි‍වෙළක් අවශ්‍යයි. කුසළතා පදනමින් රැකියා ඉලක්ක කරගත් ජාතික ප්‍රතිපත්තියක්ද සැකසිය යුතුයි. ලෝකය ජය ගත හැකි අයුරින් අධ්‍යාපන ක්‍රමයද යාවත්කාලීන වියයුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

    Latest News