විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි, වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ.එහිදී සිය ගැටලූ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සති දෙකක් තුළ විසඳුමක් ලබා දීමටයි තැපැල් බලධාරීන් පොරොන්දු වී ඇත්තේ.
මේ අතර, අපේ‍්‍රල් 22වැනිදාට පෙර සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් යළි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බවයි ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.
පටු අරමුණු වෙනුවෙන් ගුරුවරුන් ද නොමග යවමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඇතැම් වෘත්තීය සමිති ගත් කි‍්‍රයාකලාපය ඛේදනීය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කළේය.බාධා සහ තර්ජන මධ්‍යයේ සේවයට පැමිණි ගුරු සහ විදුහල්පතිවරුන්ට ප්‍රණාමය පුද කරන බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය සඳහන්.