බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

අගෝ 18, 2022

    සතියේ වැඩ කරන සියලුම දිනයන්හි දී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.

    රට තුළ ඉන්ධන අර්බුදය මේ වන විට සමනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් සභාව සඳහන් කරන්නේ.

    ඒ අනුව ජුනි 29 වැනිදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමටද තීරණය කර ඇත.

    ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් Online ක්‍රමය හරහා ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News