වැටලීම කරනු ලැබුවේ, බදුල්ල පොලීසිය විසින්. දුර්ලභ වඳවී යන සත්ව විශේෂයක් වූ මෙම කබැල්ලෑවා මරා මස් කිරීමට සූදානම් කර තිබූ බව, පොලීසිය පවසයි. දඩමස් කිලෝ 10කට අධික ප්රමාණයක්, හක්කපටස් 25ක් සරුවට වැඩී තිබූ ගංජා පැල 14ක් ද එහි තිබී පොලිස් බාරයට ගැනිණ. වන සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා තුවක්කු බට ද මෙම ස්ථානයේ තිබූ අතර, වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරු පලාගොස් ඇත. සැකකරු, හඳුනාගෙන ඇති අතර බේරාගත් කබැල්ලෑවා වනජීවී නිලධාරීන්ට බාර දීමට කටයුතු යෙදා තිබේ.