රට වෙනුවෙන් සියලු දෙනා ඒක රාශි කරගැනීම තම අරමුණ බව ජනපති පවසයි...

අගෝ 21, 2022

    පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව රට වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කරගැනීමේ අතීත පාඩම කියා දුන්නේ, එක්සත් ජාතික පක්ෂය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ඉදිරියට ද රට වෙනුවෙන් සියලු දෙනා ඒක රාශි කරගැනීම තම අරමුණ බවයි,  අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අද (21) අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ.  අනුරාධපුර උත්සව ශාලාවකදී මෙම දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීම පැවැත්වුණා. දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ එක්ව වැඩකර රට ගොඩනැගීමට සියලු දෙනා එක්වන ලෙසයි.

    Latest News