සෙනෙවිරත්න මහතා, මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශ්රාස්ත්රපති උපාධියත් ලබා ගෙන තිබෙනවා. පුවත්පත් ලේඛණය ඔස්සේ සාහිත්‍යකරණයට එළැඹි ඔහු, මේ වන විට ග්රන්ථ 19 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නවකතා 9 ක් කෙටි කතා තුනක්, කාව්‍ය සංග්‍රහ දෙකක් හා බෞද්ධ විමර්ශන ග්රන්ථයක් මෙන්ම, අලෙවිකරණය සම්බන්ධ කෘතියක් ඊට ඇතුළත්.
ලෝක ප්‍රසිද්ධ “Who Moved My Cheese” කෘතිය “දිවි මග දිනන මඟ” නමින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවේ, ඔහු විසින්. ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටී වී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන අලෙවි නිලධාරියා ලෙස ද අජන්ත සෙනෙවිරත්න මහතා සේවය කර තිබෙනවා. ඔහු, ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙසද ක්‍රියා කළ අතර, සෙනෙවිරත්න මහතා, අගනුවර කවි සමාජයෙන් කිවිපති සම්මානයෙන් ද බුහුමන් ලැබුවෙක්.