ජල ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

සැප් 01, 2022

    පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ඉහල දැමුණු ජල ගාස්තු අද සිට (01) ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේයි. ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහළ නංවමින් විෂය භාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉකුත් අගෝස්තු 25 වැනිදා ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරිණ.

    ඒ අනුව, ගෘහස්ථ ජල ගාස්තුව ඒකක බිංදුවත්, පහත් අතර රුපියල් 12ක්ව පැවති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව ඉහල නංවා ඇත්තේ රුපියල් 20ක් දක්වායි. ඊට රුපියල් 300 ක සේවා ගාස්තුවක්ද ඇතුලත්. රුපියල් 16ක්ව පැවති 06ත් 10ත් අතර ඒකකයකට අද සිට අය කෙරෙන්නේ රුපියල් 27ක්.

    ඒකක 11 සිට 15 දක්වා රුපියල් 20 ක්ව පැවති ඒකකයේ නව මිල රුපියල් 34ක් වනවා. රුපියල් 40ක්ව පැවති 16ත් 20ත් අතර ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 68ක් දක්වා ඉහල දමා තිබෙනවා. 21 සිට 25 දක්වා ඒකකයක් සඳහා අද සිට රුපියල් 99ක් අය කරන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ. එම සියලු කාණ්ඩ සඳහා රුපියල් 300 ක මාසික සේවා ගාස්තුවක් ද ඇතුලත්.

    නව ජලගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පහතින්

    07160c533652dcfa5e88770f1a45bc61

    Latest News