උතුරට තවත් විශ්ව විද්‍යාලයක් - ඇමති හකීම්

මාර් 15, 2019

    උතුරුට දෙවැනි විශ්වවිද්‍යාලයක් ලෙස වන්නි මණ්ඩපය සම්පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    එය ''වන්නි විශ්වවිද්‍යාලාය'' ලෙස ප්‍රකාශයට පත් කෙරෙන බවත් රජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ප්‍රමිති පාලනය කිරීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු කියා සිටියේය.

    නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට එක්වෙමින් අද (15) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය

    අමාත්‍ය රාවුෆ් හකීම් "2015 සිට 2018 දක්වා අධ්‍යාපනයට දෙගුණයක් වියදම් කර තිබෙනවා. උසස් අධ්‍යාපන කේෂේත්‍රයේ සියයට 90කට වඩා ආයෝජනයක් කර තිබෙනවා. උතුරුට දෙවැනි විශ්වවිද්‍යාලය වව්නිය විශ්වවිද්‍යාලයේ ඉදිකෙරෙනවා. එය වන්නි විශ්වවිද්‍යාලාය් නමින් වන්නි මණ්ඩපය සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නවා.

    මෙය රටේ දියුණුවට ඉතාම අවශ්‍ය දෙයක්. එක විශ්වවිද්‍යාලයකට මිලියන 100 බැගින් ලබාදී තිබෙනවා ලෝක බංකුව මඟින්. උසස් අධ්‍යපනයේ ගුනාත්මක තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ප්‍රමිති පාලනය කිරීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කර තිබෙනවා. ලෝකයේ පවතින ප්‍රමිති ආයතනයන් ලංකාවට පැමිණෙනවා. ගෝලීය ප්‍රමිතීන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා.

    රජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ප්‍රමිති පාලනය කිරීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කර තිබෙනවා. ලෝකයේ පවතින ප්‍රමිති ආයතනයන් ලංකාවට පැමිණෙනවා. ගෝලීය ප්‍රමිතීන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. මහපොළ ශිෂ්‍යත්ව භාව අරමුදලෙන් සිසුවෙකුට රුපියල් 5000ක් ලබාදෙනවා. වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට නව ක්‍රියාමාර්ග රැසක් රජය පියවර ගෙන තිබෙනවා. වයඹ හා සබරගමුව නව වෛද්‍ය පීඨය ආරම්හ කළා යැයි ද" අමාත්‍යවරයා පැවසී ය

    Latest News