"උත්තර ලංකා සභාගය" එළිදැක්වේ...

සැප් 04, 2022

    ස්වාධීන පක්ෂ 10 එකමුතුවෙන් නිර්මාණය වූ "උත්තර ලංකා සභාගය" අද එළිදැක්වුණා.

    ඒ, මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී. මෙහි සභාපතිවරයා වන්නේ, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතායි. රට තුළ පවතින ආර්ථික හා දේශපාලන තත්වයට මුහුණ දීම සඳහා මෙම උත්තර ලංකා සභාගය පිහිටුවන බව, ස්වාධීන පක්ෂ දහයේ නායකයින් පවසනවා. නායකත්ව මණ්ඩලයක් යටතේ මෙහි ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයින්, තානාපතිවරුන්, ස්වාධීන පක්ෂ 10 පාක්ෂිකයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

    Latest News