මෙම අභියාචනා පෙත්සම අද ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරන අර්ජුන ඔබේසේකර මහතා මෙම සිද්ධියට අදාළ අභියාචනාධිකරණ නඩු විභාගය සඳහා ද සහභාගී වී ඇති හෙයින් මෙම පෙත්සම සලකා බැලීම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා .
ඒ අනුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 19 වනදා සිදු කිරීමටයි අධිකරණය නියම කළේ.
විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටා තිබෙන කල්ලාරු රක්ෂිතයේ වනාන්තර කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණය අදාළ ප්‍රදේශයේ සිය පුද්ගලික වියදමින් පැල සිටුවීමට පියවර ගන්නා ලෙස තමන්ට නියෝගයක් නිකුත් කළ බව අභියාචනය ඉදිරිපත් කරන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
එම අභියාචනාධිකරණ තීන්දුව දෝෂ සහගත යැයි පෙන්වා දෙන පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයද සිටිනවා.