දමිතා අබේරත්න මහත්මිය ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මෝදර පොලීසිය විසින්. ඒ, පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවකින් අනතුරුවයි.
ඉකුත් ජුලි මස ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව කොටුව පොලීසිය වෙත බාර දී තිබෙනවා.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමට අද පෙරවරුවේ එම පොලිස්ථානය වෙත පැමිණ සිටියා.