"හදවත් යා කෙරෙන රන් මාවත්" ජාතික වැඩසටහන හෙට

මාර් 16, 2019

    රුපියල් කෝටි 3,000ක ආයෝජනයෙන් මාර්ග හා පාලම් ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත් කිරීම සහ ඉදිකිරීම් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන හෙට ආරම්භ වේ.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී. 

    "හදවත් යා කෙරෙන රන් මාවත්" ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයක් මත, ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    එහි සමාරම්භක වැඩසටහන හෙට පෙ.ව. 9.00ට මාවනැල්ල නගරයේ දී පැවැත්වේ. ඒ යටතේ සංවර්ධනය කෙරුණු මාවනැල්ල හෙම්මාතගම ගම්පොළ මාර්ගය, මාවනැල්ල රඹුක්කන මාර්ගය සහ අරනායක හොරේවෙල යන මාර්ග ජනතා අයිතියට පත් කෙරේ. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්.

    Latest News