වී අස්වනු අලෙවිකරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවකට...

සැප් 18, 2022

    අස්වනු අලෙවිකරගැනීමට නොහැකිවීමෙන් තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව පොළොන්නරුව සහ අනුරාධපුර  දිස්ත්‍රික්කවල වී ගොවීන් පවසනවා.

    ඔවුන් පෙන්වාදෙන්නේ,  වී අස්වනු මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත නොකිරීම හේතුවෙන් මේ ගැටළුව මතුව ඇති බවයි.  තමන් මුහුණපා ඇති අසීරුතාව හමුවේ පෞද්ගලික වෙළෙඳුන් සිය වී අස්වනු ඉතා අඩු මුදලකට මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව ගොවීන් පවසනවා.  තම අස්වනු රජය විසින් මිලදී නොගන්නේ නම් ඉදිරි මහ කන්නයේදී වී ගොවිතැනින් වැලකීමට තීරණය කර ඇතැයි  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පවසනවා. 

    Latest News