කොළඹ අද (21) පැවති ආර්ථීක සම්මන්ත්‍රණයට එක්වෙමින්, මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා. සම්මන්ත්‍රණයට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සහ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ආචාර්ය නන්දලාල් වීරසිංහ - මහ බැංකු අධිපති
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැකිවේවි ඔවුන්ගේ වැඩසටහන විධායක මණ්ලයට ඉදිරිපත් කරල මුදල් නිකුත් කිරීමට, නමුත් ඊට පෙර අපේ ණ්ය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති බවට ශ්‍රී ලංකාවට ණය සපයා ඇති ද්වීපාර්ශ්වික ණය හිමියන්ගෙන් අප සහතිකයක් ලබාගත යුතුයි. එම සහතිකය ලබාගැනීම තමයි අපිට තියෙන ඊළග තීරණාත්මක පියවර.
මේ වෙලාවෙ තියෙන වැදගත්ම කාරණාව තමයි අපි අපේ ජාත්‍යන්තර ණය හිමියන්ගෙන් අපේ මිතුරන්ගෙන් අපිට සහය දෙන බවට සහතිකය ලබාගැනීම. ඒ වැදගත් සහතිකය තමයි මේ දිනවල අපි සොයමින් ඉන්නෙ අපේ ද්වීපාර්ශ්වික ණය හිමියන්ගෙන්. ඒ පියවර තමයි අපි එළඹෙන සිකුරාදා සිට ආරම්භ කරන්නෙ.
පෞද්ගලිකව මම හිතන්නෙ ඒ රටවල් සියල්ලම අපේ හොඳ මිතුරන්. අපිට උදව් අවශ්‍ය වූ සෑම අවස්ථාවකම ඔවුන් අපිට සහයෝගය ලබාදීල තියෙනව. අපි එය සංසන්දනාත්මකව විවෘත හා විනිවිදභාවයකින් කළ යුතුයි. එවිට එක් එක් රටවල් අපිට ලබාදෙන සහය පිළිබඳව අනෙක් රටවල් දැනුවත් වෙනවා. ඔවුන් අපිට ඉතා ඉක්මනින් සහ වඩාත් ප්‍රතිඵලදායකව එම සහතිකය ලබාදෙයි කියල බලාපොරොත්තු වෙනව. බොහෝ දෙනෙක් මේ වෙලාවෙ අහන ප්‍රශ්නයක් තමයි, ඒ සඳහා කොතරම් කාලයක් ගත වෙයිද කියල.
ඒ සියල්ල තීරණය කිරීම තිබෙන්නේ, අපේ ජාත්‍යන්තර මිතුරන් සතුවයි. ඔවුන් කෙටි කාලයක් තුළ ඔවුන්ගේ සහතිකය ලබා දෙනවා නම් අපිට එය රැගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ල ණය මුදල නිදහස් කරගන්න පුළුවන්. එම ක්‍රියාවලියත් සමග බොහෝ ආයෝජකයන් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ බහු පාර්ශ්වික ණය හිමියන් සූදානමින් ඉන්නවා අපිට තවත් අතිරේක සහන ලබාදෙන්න. අපිට ආර්ථික වශයෙන් ස්ථාවර වීමට තිබෙන තීරණාත්මක හැරවුම් ලක්ෂය එය බවයි අපි විශ්වාස කරන්නේ. ඒ තමා කාරණය.
අපිට අමාරුවෙන් යම් කාලයක් ගත කරන්න වේවි. අපි එයට පුරුදු විය යුතුයි. ආර්ථිකය දැන් සංකෝචනය වෙමින් තිබෙන්නෙ. අපිට අපේ ආනයන සංකෝචනය කරන්න වෙනවා, අපේ අපනයන ආදායමෙන් කළමනාකරණය කළ හැකි මට්ටමට. ඒ වගේම ඉහළ පොලී අනුපාතයක් පවත්වාගෙන යාම. කළමනාකරණය කළ යුතු වගේම ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී කිරීමත් කළ යුතුයි. ඒ වගේම වඩාත් බලපෑමට ලක් වූ දුප්පත් ජනතාව, අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කරගත යුතුයි.
ඒ වෙනුවෙන් සෑම කෙනෙකුටම යම් වේදනාවක් බෙදාගැනීමට සිදුවේවි මෙම ක්‍රියාවලිය සිදුවන කාලය තුළ. එම වේදනාව යම් තරමක් හෝ කළමනාකරණය කරගැනීමට තමයි අපි මේ වගේ ඉතා තීරණාත්මක ආර්ථික තීරණවලට එළඹුණේ. අපිට මූල්‍ය සහතිකය ලැබෙන තුරු අපි මේ තත්වය කළමනාකරණය කරගත යුතුමයි. අපිට ඒ මුදල ලැබෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමත සහතිකය හෝ ඒ මුදල ලැබුණහොත්, මට හොඳටම විශ්වාසයි අපිට ආර්ථික වශයෙන් ස්ථායි මට්ටමට පත්විය හැකි බවට. ඒ වගේම ඔබටත්, ඔබගේ සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම්වලට ක්‍රමයෙන් යාමට හැකි වේවි.
සාමාන්‍ය ව්‍යාපාර කටයුතුත් පවත්වාගෙන යන්න හැකි වේවි. අතීතයේ කතා කළ තත්වයට ආපසු යාමට හැකියාව ලැබෙනවා. නමුත් එය තවමත් කතාවේ අවසානය නොවන බව සිහිතබාගන්න."