උඩරට ප්‍රදේශවල බෝංචි වගාව බෝංචි කහවීමේ රෝගයට බහුලව ගොඳුරු වී ඇති හෙයින්, ඊට පිළියමක් ලෙස "කැප්රි" නැමති මෙම බෝංචි බීජ වර්ගය නිෂ්පාදනය කළ බවයි, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කිත්සිරි විමලචන්ද්‍ර මහතා පවසන්නේ.
මෙම බෝංචි බීජ, ආනයනය කෙරෙන බීජවලට වඩා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වීම විශේෂත්වයක්.
මින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම, රෝගවලට ගොඳුරු නොවන අයුරින් වගාව පවත්වාගෙන යාමට ද හැකි බවයි, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂවරයා කියා සිටින්නේ.