කෝටි 05කට ගංජා මන්නාරමදී අත්අඩංගුවට

සැප් 29, 2022
    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මන්නාරමට රැගෙන එනු ලැබූ  රුපියල් කෝටි 05කට අධික වටිනාකමක් ඇති කේරල ගංජා කිලෝ 166ක්  කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා (28) අත්අඩංගුවට ගෙන තිබේ. 
    අත්අඩංගුවටගත් සැකකරුවන් වැලිඔය පදිංචිකරුවන් බවත් එක් අයෙක් සිංහල ජාතිකෙයකු වන අතර සෙසු දෙදෙනා දෙමළ ජාතිකයින් බව පොලීසිය කියයි.
    කැබ් රථයේ පිටුපස කොටසේ රහස් කුටියක් සකස්කර එහි මලු 56ක මෙම ගංජා තොගය සඟවා තිබී ඇත. 
    අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීම් දී පවසා ඇත්තේ මෙම ගංජා තොගය ත්‍රීකුණාමලයට රැගෙන යමින් තිබුණු බවයි. නමුත් පොලීසිය විශ්වාස කරනුයේ මෙම ගංජා කොළඹට ප්‍රවාහනය කිරීමට මෙසේ රැගෙන යමින් තිබී ඇති බවයි.  
    මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.  

    Latest News