සංචාරක වීසා මගින්, රැකියා සඳහා මැලේසියාවට ‍නොයන්නැයි ඉල්ලීමක්...

ඔක් 05, 2022

    සංචාරක ‍වීසාවලින් මැලේසියාවේ රැකියා සඳහා නොයන ලෙස, ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

    එරට නීතිය අනුව සංචාරක වීසාවලින් රැකියා වීසාවලට මාරු විය නොහැකි බවයි, එම කාර්‍යාංශය පවසන්නේ. මැලේසියාවේ රැකියා ලබා දෙන බව පවසමින්, විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයි‍න්ගෙන් මුදල් ලබා ගන්නා බවට ද එම කාර්‍යාංශයට තොරතුරු ලැබී ඇති බැවින් රැකියා සඳහා පුද්ගලයන් විදේශගත කරන වංචනිකයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් , කිසිදු අවස්ථාවක සංචාරක වීසා ලබා ගෙන රැකියා සඳහා මැලේසියාවට නොයන ලෙසත් එම කාර්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. වංචනිකයන් පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ විශේෂ විමර් ශන අංශයේ දුරකථන අංක 0112 – 86 42 41 හෝ ෆැක්ස් අංක 0112 – 86 41 18 යන අංකවලට දැනුම් දිය හැකියි. 

     

    Last modified on බදාදා, 05 ඔක්තෝබර් 2022 19:34

    Latest News