මාළු කිලෝව රු.750 ට (වීඩියෝ)

ඔක් 23, 2022
  • මිරිදිය අස්වැන්න ඉහළ යාම හේතුවෙන් මේ දින වල තම ආදායම ඉහළ ගොස් ඇති බව මින්නේරිය ජලාශය අවට ධීවරයින් පවසනවා.

    මේ වන විට මිරිදිය මත්ස්‍ය පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශ කිහිපයක් පවතින අතර ඒවායේ මත්ස්‍ය අස්වැන්න මේ දිනවල ඉහළ ගොස් තිබෙනවා. ප්‍රදේශයේ ධීවරයින් 400 ක් පමණ මින්නේරිය ඇතුළු මෙම ජලාශවල ධීවර කටයුතු වල නිරත වනවා.

    මින්නේරිය ජලාශයේ රජඇල, කටුකැලියාව, බටුඔය යන තොටුපොළවලට දිනකට මත්ස්යය කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් ‍රැගෙන එන බවයි, වාර්තා වන්නේ. කුකුල් මස්, බිත්තර සහ මුහුදු මාලු මිල ඉහළ ගොස් ඇති නිසා පාරිභෝගිකයින් ද වැඩි වශයෙන් මිරිදිය මසුන් මිලදී ගන්නා බවයි, දැක ගත හැකි වන්නේ. මිරිදිය මත්ස්‍ය කිලෝවක් අලෙවි වන්නේ, රුපියල් 750 කටයි.

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 13:48

    Latest News