පාරි‍භෝගික මිල දර්ශකයේ පහළ යෑමක්

නොවැ 01, 2022

    මාස 17 කට පසු කොළඹ පාරි‍භෝගික මිල දර්ශකයේ පහළ යාමක් පසුගිය මාසයේ වාර්තා වූ බව, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එහි නවතම වාර්තාවේ දැක්වෙන්නේ, පසුගිය මාසයේ ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම ඊට හේතු වී ඇති බවයි.

    මෙරට උද්ධමනය තීරණය කෙරෙන ප්‍රධාන දර්ශකයක් ලෙස කොළඹ පාරිභෝගික මිල දර්ශකය හැදින් වෙනවා.

    කොළඹ නගරයේ ජීවත්වන විවිධ පාර්භෝගික කණ්ඩායම් උපයෝගී කර ගෙන එම මිල දර්ශකය සකස් කෙරෙනවා. ඒ අනුව, පසුගිය මාසයේ එම අගය දශම 3 යි 5 කින් පහළ ගොස් තිබෙනවා. මත්ස්‍ය, කරවල සහ සහල් මිල පහත බැසීම ඊට හේතුවයි.

    එමෙන්ම, පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙරට උද්ධමනය ද ‍පසුගිය වසරේ පහළ ගොස් ඇතැයි, ජන ලේඛන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සැප්තැම්බර් මාසයේ 69.8ක් ව පැවති මෙම අගය, ඔක්තෝබර් මාසයේ සියයට 66 ක් ලෙස වාර්තා වුණා.

    එය, සියයට 3.8 ක අඩුවීමක්. ආහාර කාණ්ඩයේ උද්මනය ද සියයට 9.3 කින් අඩු වී තිබෙනවා. වාර්තාවේ දැක්වෙන්නේ ඉන්ධන මිල අඩු වී‍ම හේතුවෙන්, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩවල උද්ධමනය ද සියයට 1.3 කින් අඩු වී ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 01 නොවැම්බර් 2022 12:33

    Latest News