මේ දිනවල හෙරොයින් ග්රෑම් එකක් මත්කුඩු ජාවාරම්කරුවන් අතර අලෙවි වන්නේ යැයි කියැවෙන්නේ රුපියල් 30,000ක් වැනි මිලකටය. ඒ අනුව මෙම හෙරොයින් කිලෝ 300 වටිනාකම රුපියල් කෝටි 900ක් පමණ වනු ඇත.
බහුදින යාත්රාවක් සහ කුඩු බෝට්ටුවක්ද සමඟ අත්අඩංගුවට ගත් මෙම පිරිස මේ වන විට ගාල්ල වරායට රැගෙන විත් තිබේ. එම සැකකරුවන් මාතර කෝට්ටේගොඩ සහ කුඩා වැල්ලේ පදිංචිකරුවන්ය. ඒ අතර කාන්තාවක්ද සිටින බව සඳහන්ය.