චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා බෙයිජිං නුවර දී මේ බව පැවසීය. මිත්‍රශීලී හා අසල්වැසි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්වය පිළිබඳව චීනය නිරන්තර අවධානයෙන් පසුවන බවයි, ඔහු පෙන්වා දුන්නේ. අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම චීන ප්රතිපත්තියයි.
ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්වය එහි අභ්‍යන්තර කටයුත්තක්. ශ්‍රී ලංකාවේ රජයට පක්ෂවලට හා ජනතාවට එම ගැටලු විසඳා ගැනීමට හැකි බවයි, චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙරට දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවූ බව ද ඔහු ප්‍රකාශ කළේය.