මහඉලුප්පල්ලමට කඩා වැදුණු පිරිස අල්ලන්නැයි පොලිස්පතිට ලිපියක්

නොවැ 21, 2022

    ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා පිරිසක් මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලත්කාරයෙන් ඇතුල් වු පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නැයි, ඉල්ලමින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබෙනවා.

    මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යනු අපේ රටේ වැඩිම අස්වනු ලබා දුන් ක්ෂේත්‍ර බෝග රැසක් හඳුන්වා දුන් පර්යේෂණ ආයතනයකි.

    විශේෂයෙන් මෑතක දී අපේ රටට හඳුන්වාදුන් මෙතෙක් අප රටේ වැඩිම අස්වැන්නක් ලබා දෙන වැඩි  දියුනු කළ  MICH- 1 හා MICH -2 යන මිරිස් ප්‍රබේද දෙක හඳුන්වා දෙන ලද්දේ මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර  බෝග  පර්යේෂණ සංවර්ධන ආයතනයයි.

    මෙම ආයතනය ශාක නිරෝධායන නීති රීති අකුරටම ඉටු කරන ආයතනයකි. එමෙන්ම එම ගොවිපොළ වගාවන් මගින් නිෂ්පාදන සිදු කරන තැනක් නොව පර්යේෂණ හා සංවර්ධන (Research and Development)  සිදු කරන ගොවිපොළකි. එම ස්ථානයට ගොස් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින්  අපහසුතාවට පත් කරන ආකාරයට අදාල පුද්ගලයින් කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම මින්පසු කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව  බළාත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිදු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට කඩා වැදීමට ඉඩ නොදීමට අදාල ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය නීත්‍යානුකූල ගොවි සංවිධාන ලෙස පිළිගනු ලබන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන හා ඒවායෙහි නියෝජිතයින් පමණි. නමුත් මෙම ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානය  කිසිසේත්ම ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවි සංවිධානයක් නොවන බව කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල් අබේරත්න මහතා සඳහන් කරයි.

     

    Last modified on සදුදා, 21 නොවැම්බර් 2022 09:28

    Latest News