ගෑස් මිල බහී

අප්‍රේ 03, 2023

    ගෑස් මිල සූත්‍රයට අනුව හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් රුපියල් 1000කින් අඩු කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

    ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා තිබේ.

    සභාපතිවරයා කියා සිටියේ හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවත් ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බවයි.

    Latest News