ජ්‍යේෂ්ඨ මහාචාර් ය සුනිල් ආරියරත්න මහතාට සෞන්දර් ය කලා විශ්වවිද්‍යාලය

අප්‍රේ 04, 2023

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබෙනවා.

    පස් අවුරුදු කාලසීමාවක් සඳහා පත් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.  කෘතහස්ත ගේය පද රචකයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු, පර්යේෂක ලේඛකයෙකු හා කවියෙකු වන ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, මෙරට කලා ක්‍ෂේත්‍රයට අනූපමේය මෙහෙවරක් සිදු කළ විද්වතෙක්. 1985 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වූ ඒ මහතා 1994 දී මහාචාර්ය තනතුරට පත් වූයේ මෙරට ළාබාලතම මහාචාර්යවරයා ලෙසයි.

    2015 වසරේ දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නික්ම යනවිට ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරයට පත් කෙරුණා. පණ්ඩිත් අමරදේව, නන්දා මාලනී ඇතුළු ප්‍රවීණ මෙන්ම නව පරපුරේ ගායක ගායිකාවන්ට ද ගීත රැසක් රචනා කොට ඇති සුනිල් ආරියරත්න මහතා සිංහල ගීත කලාව නව මාවතකට එක් කළ විද්වතෙක්.

    සිංහල චිත්‍රපට 40 කට පමණ ගීත නිර්මාණය කර ඇති ඔහු, ජනාධිපති, සරසවි ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. අනූපමා" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවට පිවිසි ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පර්යේෂණ ග්‍රන්ථ ගණනාවක් ද, එළිදක්වා තිබෙනවා.

    Latest News