වර්ෂාව සමඟ එම තත්ත්වයේ අඩුවීමක් තිබුණද එය තාවකාලික බවයි,එහි අධ්යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළේ.
මේ අතර අද (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පාසල් පැවැත්වෙන කාල සීමාවල එළිමහනේ ක්‍රියාකාරකම් සීමාකරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පවතින අධික උණුසුම හේතුවෙන් උතුරේ සීනි කැකිරි පරිභෝජනය ඉහළ ගොස් තිබේ.