පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අප්‍රේ 25, 2023

    පාර්ලිමේන්තුව අද (25) රැස්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 සිට පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති බවයි සඳහන් වන්නේ.

    පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ 2023 ජනවාරි 30 දිනැති අංක 2317/28 ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    Latest News