"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ප්‍රථම ජංගම සේවය අද වැලිගම දී

මාර් 23, 2019

    "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" රජයේ පොලී සහන වැඩපිළිවෙළේ පැන නඟින ප්‍රමාදයන් සහ ජනතා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ ජංගම සේවා වැඩසටහනේ ප්‍රථම ජංගම සේවය අද (23) මාතර,වැලිගම දී ආරම්භ කෙරේ.

    ඒ මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය බැංකු හා ආයතන රැසක සහභාගීත්වයෙන්.

    මෙම ණය සහන යෝජනා ක්‍රමය යටතේ ජීවිතය ජය ගැනීමට උනන්දුව දක්වන ව්‍යවසායකයන්ට දැනුම ලබාදීම, ගැටලු විසඳීම හා ඇපකරු හා සෙසු ආයතනික සේවා ව්‍යවසායකයන් ළඟටම ගොස් ලබාදීම මෙහි ඇති විශේෂත්වය වේ.

    රුපියල් මිලියන 5000ක මුදලක් මහා භාණ්ඩාගාරය පොලී සහනාධාරය ලෙස ලබා දී වසරක් ඇතුළත නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමෙහිලා"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන ක්‍රියාත්මකයි. මේ ජංගම සේවා වැඩසටහන ඉදිරියේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය කරන පරිදි පැවැත්වීමට ද නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 08:28

    Latest News