යාපනයේ සරසවියේ 31කට පන්ති තහනම්

ජූනි 05, 2023
    යාපනය විශ්වවිද්‍යාලයේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
    වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනකු සඳහා ඊයේ (04) දින සිට නැවත දැනුම්දෙනතුරු පංති තහනම් කර ඇත.
    පසුගිය සිකුරාදා දිනයේ දී යාපනය  විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර පළමුව ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ආරවුලක් ඇතිවූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණි.
    එහිදී එක් සිසුවෙකුට බරපතල තුවාල සිදුව යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

    Latest News