තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපනය කිරීමේ වැඩසටහන ඇරඹේ

ජූනි 10, 2023

    තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපනය කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා.

    ඒ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම සහ කාවන්තිස්සපුර යන ප්‍රදේශවලින්. වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි. වැඩසටහන ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

    වගා කටයුතු පුළුල් කිරීම සඳහා කොඩිගහවැව හා සාමගුලිය 01 සහ 02යන වැව් ප්‍රතිසංස්කරණ කටයුතුද අද ආරම්භ කෙරුණා. දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම වැඩසටහන යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණයට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 115 ක්.

    එමගින් තරුණ ප්‍රතිලාභීන් 150 දෙනෙකුට වගා කටයුතු සඳහා අවස්ථාව හිමි වනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික උපකරණද ලබා දෙනවා. වැව් ආශ්‍රිත ඉඩම්වල ආරක්ෂිත දැල් සහිත වගා ගෘහ, බිංදු ජල තාක්ෂණික උපකරණ, බීජ සහ පොහොර ද ලබාදීමට නියමිතයි.

    ජූල්පල්ලම කන්දෙවිහාරයේ දහම් පාසල් දරුවන්ට අධ්‍යාපන උපකරණ පිරිනැමීමද මෙහිදී සිදු කෙරුනා. දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික වැඩසටහන යටතේ ස්ථාපනය කර ඇති වගාවන්ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

    Latest News