කොරියාවේ නැව් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු මධ්‍යස්ථානයක්

ජූනි 10, 2023

    කොරියාවේ නැව් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.

    ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතරයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක ජොන් යුන් ලිම් යන මහත්වරුන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

    පළමු අදියර යටතේ නැව් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වෑල්ඩින් රැකියා සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර, දෙවැනි අදියර යටතේ නැව් පින්තාරු පුහුණුව හා කාර්මික පුහුණුව ලබාදීමට නියමිතයි. මීට අමතරව, කොරියානු භාෂා පුහුණුවද ඔවුන්ට හිමි වනවා.

    Latest News