වැරදි කරන්නන් ආරක්ෂා නොකරන බව ඇමති ෂෙහාන් කියයි

ජූනි 10, 2023

    ‍ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බව, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

    එස් ඩී ජී ආයෝජක සිතියම, සෙක්ටර් ඩීප් ඩ්‍රයිව් රිපෝට් - 2023 එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආයෝජකයින්ට සහය වීමට හරිත බැඳුම්කර වැනි නව මූල්‍ය පහසුකම් සැලසීමේ රාමුවක් සකස් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

    කිසිම තරාතිරමක හෝ දූෂණ ක්‍රියාකාරකම් රජය නොයිවසන බවත්, වැරදි කරන කිසිවෙකු ආරක්ෂා නොකරන බවත්, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මූල්යැ විනිවිද භාවය, රාජ්‍ය මූල්‍ය කළමනාරකණය වැඩි දියුණු කරමින්, ශක්තිමත් දූෂණ විරෝධි නීති රාමුවක් හඳුන්වා දිමට කටයුතු කරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ. තිරසර ආර්ථිකයක් ගොඩ නැගීමට UNDP ඇතුළු සංවර්ධන සහයෝගීතා සහ පාර්ශ්වකරුවන් සමග හවුල් වීමට ද නියමිතයි.

    Latest News