ගව ගැටිති රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

ජූනි 12, 2023

    ගව ගැටිති රෝගය මේ වන විට ‍මධ්‍යම හා බස්නාහිර පළාත් තුළ ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    ඒ නිසා, සත්ව රෝග පනතට අනුව සතුන් ප්‍රවාහනයේ දී පශු වෛද්‍යවරයෙකුගේ සහතිකයක් අනිවාර්ය වනු ඇත.

    ගව සමේ ගැටිති රෝග නැතිනම්, "ලම්ප්ස්කින් ඩිසීස්" ලංකාවට අලුතින් ඇති වූ රෝගී තත්වයක්. එය පසුගිය ‍කාලයේ උතුරු මැද හා වයඹ පළාත්වල ශීඝ්‍රයෙන් පැතිර ගිය රෝගය, සතුන් මගින් මිනිසාට බෝ වීමේ අවදානමක් නොමැති බවයි, වාර්තා වන්නේ. ගවයින්ගේ සමෙහි, ගැටිති ඇති වීම සහ යම් යම් ස්ථානවල ඉදිමුම් ඇති වීම මගින් රෝගය හඳුනා ගත හැකියි. මරණ ප්‍රතිශතය සියයට 1 ත් 2 ත් අතර වේ. කිනිතුල්ලන්, මැස්සන්, මදුරුවන් හා කෘමි සතුන් වැනි රෝග වාහකයින් සහ ඍජු ස්පර්ශය මගින් ගවයින් අතර රෝගය පැතිරයාම සිදු වේ. මෙම රෝග ලක්‍ෂණ පවතින ගවයින් සඳහා පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ප්‍රතිජීවක ඖෂධ භාවිතය වැදගත් වනවා.

    Latest News