මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ජූලි 01, 2023

    රට තුළ ශීඝ්‍රයෙන් පැතිරයමින් ඇති මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලි‍නුපුටා දැමීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.

    මත්ද්‍රව්‍ය උවදුර පාලනයට ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමේ අරමුණයි. අමාත්‍ය ටිරාන් අල්ස් මහතා එහි සභාපති ලෙස ක්‍රියා කරනවා. සිසිර ජයකොඩි, සීතා අරඹේපොල, බුද්ධික පතිරණ, ගයාෂාන් නවනන්ද, තුෂාර ඉඳුනිල් අමරසේන, උපුල් ගලප්පත්ති, සුදර්ශන දෙණිපිටිය, අසංක නවරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, තවරාසා කලෙයිඅරසන්, මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයන්. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට මේ බව, දැනුම් දුන්නා.

    Latest News