පසුගිය 28 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුවයි ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
ඒ අනුව පසුගිය 28 වැනි දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිතයි.
භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය පවරා තිබෙනවා.
භාණ්ඩාර බැඳුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරින් වෙත පවරා ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන්.