අදට ගැළපෙන පරිදි කම්කරු නීතීයේ වෙනසක්

ජූලි 07, 2023

    නූතන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරිම ඊයේ (06) පස්වරුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් සිදු‍වුණා.

    මෙම නව කෙටුම්පතට අනුව සේවයට බඳවා ගැනීමේ දී හෝ සේවා ස්ථානය තුළ හෝ සේවා නියුක්තිකයෙකු වෙනස් කොට සැළකීම (Discrimination) වැළැක්වීමේ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම සිදු කර ඇති අතර රැකියා ස්ථානයේ සියළු ආකාරයේ හිරිහැර කිරීම් හා ලිංගික හිංසනය වැළැක්වීමට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම ද මෙමගින් සිදු වෙයි.

    පාරිතෝෂික ගෙවීමේ දී දැනට පවතින අවුරුදු 5ක සේවා කාලය සහ සේවකයින් 15ක් සිටීමේ සීමාව ඉවත් කර වර්ෂයකට දින 180ක් සේවය කරනු ලබන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස ½ක පාරිතෝෂිකයක් ගෙවීමට නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම ද මෙම නව නීති මගින් යෝජනා කර තිබෙනවා.

    කර්මාන්තශාලාවක හෝ කාර්මික ව්‍යාපාරයක රාත්‍රී සේවයේ නියුක්ත වන කාන්තාවන්ට පමණක් නොව සෑම සේවා නියුක්තිකයෙකුටම පැයට ගෙවන ගෙවීම මෙන් පැය එකහමාරක ගුණයක ගෙවීමක් කර සේවයේ යෙදවීම සඳහා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම මෙන්ම නිවසේ සිට වැඩ කරන සේවා නියුක්තිකයින්‌ගේ (Work from home) අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම ද මෙහි කැපී පෙනෙන යෝජනා අතර වනවා.

    Latest News