රතු ලූණු ගොවියාගේ ඇස් රතුවෙන 'Diptera'

ජූලි 27, 2023

    යාපනයේ ප්‍රදේශ කිහිපයක රතුලූනු වගාවෙහි පැතිර ඇති රෝග තත්ත්වය පාලනයට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

    මෙම රෝග තත්ත්වය ලූනු වගාව තුළ දක්නට ලැබෙන Diptera රෝග තත්ත්වය යැයි සැළකෙනවා.

    දැනට රෝග තත්ත්වය යාපනයේ දිස්ත්‍රික්කයේ චුන්නාකම්, තෙල්ලිප්පලෙයි, මාදගල්, සංගානයි, අච්චුවේලි, කෝපායි සහ වඩමරච්චි යන ප්‍රදේශවල රතුලූනු වගාවන්හි දක්නට ලැබෙනවා.

    මේ සම්බන්ධ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මහත්මිය යාපනය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට උපදෙස් දී තිබෙනවා.

    එමෙන්ම මෙම රෝග තත්ත්වය පාලනය සඳහා ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග, යෙදිය යුතු කෘමිනාශක සම්බන්ධව ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ද වහා ඇරඹීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරිය නියෝග ලබා දී තිබෙනවා.

    මෙම රෝග තත්ත්වය Diptera හෙවත් ලූනු පණුවන් විශේෂයක් (Onion Maggot) මගින් සිදුවිය හැකි බැවින් එම සතුන් පාලනය සඳහා සුදුසු රෝග වැළැක්වීමේ ක්‍රම අනුගමනය කිරීම පිළිබඳව රතුලූනු ගොවීන් දැනුම්වත් කිරීමට අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දී ඇතැයි ද පී. මාලතී මහත්මිය සඳහන් කළාය.

    Latest News