ප්රදානය ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. දෘෂ්‍යාබාධිත සිසුවියන් දෙදෙනා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියි. වර්ණකුලසූරිය සඳුනි පේෂලා සහ රුක්ෂානි මේකලා උසස් පෙළ සමත්වූයේ මුන්දල සිංහල මහ විද්‍යාලයෙන්.
පසුගිය වසරේ ජනාධිපතිතුමා පුත්තලම, මදුරන්කුලිය පැවති ග්‍රාම ශක්ති මෙහෙයුම් කමිටු රැස්වීමට සහභාගී වෙමින් සිටිය දී මෙම සිසුවියන් දෙදෙනා කළ ඉල්ලීමකට අනූව දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් භාවිත කරන විශේෂ මෘදුකාංග සහිත ලැප්ටොප් පරිගරණක දෙකක් ද, ඔවුන් වෙත ලබාදීමට ජනාධිපතිතුමා මීට පෙර පියවර ගත්තේය.