අමෙරිකාව, ඩෙන්මාකය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයකින් නව ප්‍රභේදය හඳුනා ගෙන ඇති බවයි, එම ඒජන්සිය පෙන්වා දෙන්නේ. “බී ඒ පොයින්ට් ටූ පොයින්ට් එයිට් සික්ස්” ලෙස නම් කර ඇති කොවිඩ් වෛරසයේ, මෙම නව ප්‍රභේදය අතිශයින්ම විකෘතිතාවලින් යුක්ත බවයි, පැවසෙන්නේ. ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් නව ප්‍රභේදය පාලනය කළ හැකි ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව, අමෙරිකාවේ ජාතික මහජන සෞඛ්‍ය ඒජන්සිය සඳහන් කරනවා.