ජනපති සහ සිංගප්පූරු අගමැති හමුවෙති

අගෝ 22, 2023

    දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය
    ලී සියෙන් ලුන්ක් අතර පැවති නිල සාකච්ඡාවලදී අවධානය යොමු කෙරුණා.

    කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ද අත්සන් තැබුණා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල්  සිංගප්පූරුවේ ස්ථානා මන්දිරයේදී එරට අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිතර වුණා. දෙරට අතර ස‍හයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳව‍ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වුණා. පැරිස් සම්මුතියේ 6 වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද අත්සන් තැබුණා. පැරිස්  ගිවිසුමේ 6 වැනි වගන්තිය මගින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාබදායී අයුරින් මෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.                                              

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය ආර් එච් එස් සමරතුංග යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියා. සිංගප්පූරුවේ තිරසර සහ පරිසරය පිළිබඳ අමාත්‍ය ග්‍රේස් ෆු හායි ඉයෙන් මහත්මිය සමග ද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වුවා.

    Latest News