දේශීය ආදායම් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

සැප් 07, 2023

    දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

    ඊට පක්ෂය ඡන්ද 103ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 58ක් පමණි. ඒ අනුව පනත සම්මත වුනේ වැඩි ඡන්ද 45කින්. මෙම පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන් කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර තිබුණා. ඒ අනුවයි මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරළ බහුතරයකින් නීත්‍යානුකූල ලෙස සම්මත කළ හැකි බවට කථානායකවරයා ඊයේ ප්‍රකාශ කළේ.

    Latest News