මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

සැප් 18, 2023

    පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාට, අනුරාධපුරයේදී ඊයේ රාත්‍රී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    එහෙත්, ඔහුට අනතුරක් සිදුවී නැහැ. අනුරාධපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

    ඔහු ගමන් ගත් මෝටර් රථයට හානි සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

    වෙඩිතැබීම සිදුව ඇත්තේ, රාත්‍රී 10.30 ට පමණ. නිවසේ ගේට්ටුව අසළ රථය නවතා නිවසට ඇතුළුවනවාත් සමගම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

    මෝටර් රථයේ පිටුපස ආසනය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

    පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

    Last modified on සදුදා, 18 සැප්තැම්බර් 2023 10:47

    Latest News